Published
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් පාසල් වේලාව පස්වරු 02 දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුවටද වැටහීමක් නොමැති බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුව මෙතෙක් වෘත්තීය සමිතිවලටද ආරාධනා කර නොමැති බවයි.
සිය ගැටලුවලට නිසි විසඳුම් ලැබුණහොත් සැලසුම් කළ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසුවා.
කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ තමන් පාසල් කාලය දීර්ඝ කිරීමේ තීරණය ගනු ලැබුවේ වෘත්තීය සමිති ඇතුළු අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවයි.




