පාසල් සිසුවියක් රවටා රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රඳවා සිටි සැකකරුවෙකු ලිදුල පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පාසල් සිසුවිය ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වතුයායේ පදිංචි තලවකැලේ ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක 10 වන වසරේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවියක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එම සිසුවිය මුහුණු පොත ඔස්සේ හඳුනාගත් තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන ඇති අතර අදාළ තරුණයා ඉකුත් 15 වන දින නානුඔය දුම්රිය ස්ථානයට මුණ ගැසීමට පැමිණෙන ලෙස දැනුම්දීමෙන් පසු සිසුවිය නිවසට නොදන්වා නානුඔය දුම්රිය ස්ථානය වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ සැකකරු පාසල් සිසුවිය දුම්රියෙන්ම හපුතලේ දක්වා රැගෙන ගොස් ඇති බවද ලිදුල පොලිසිය විසින් සිදුකල මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එම සිසුවියගේ මව ගෘහ සේවයට විදේශගත වී ඇති බවත්, පියා භාරගේ සිටි දියණිය නිවසේ නොමැති බවට පියා විසින් ලිදුල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුවයි ලිදුල පොලිස් ස්ථානයේ නිලධාරින් විමර්ශන ආරම්භ කර ඇත්තේ.
ඒ අනුව අදාළ පාසල් සිසුවියගේ දුරකථන අංකය ඔස්සේ විශ්ලේෂණය කර හපුතලේ ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පාසල් සිසුවිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සැකකාර තරුණයා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ලිදුල පොලීසිය පැවසුවා.