Published
2025 සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලියේ සිසුන් 301 - 1000 අතර පාසල් කාණ්ඩය යටතේ විවෘත - මිශ්‍ර ජන ගී ආශ්‍රිත ස්වතන්ත්‍ර නිර්මාණ සමූහ වාදන සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බෙලිඅත්ත කහවත්ත මහා විද්‍යාලයේ සිසුන් සමත් වි තිබෙනවා. එමෙන්ම ජ්‍යේෂ්ඨ අංශය පිරිමි ඒකල ජන ගී වෙනුවෙන් තුන්වන ස්ථානය දිනා ගැනීමට සිය පාසලේ දරුවන් සමත් වූ බවයි බෙලිඅත්ත කහවත්ත මහා විද්‍යාලයේ විදුහල්පතිනි අයි එස් හේමමාලි මහත්මිය පැවසුවේ.
ජයග්‍රහණ පාසල් වෙත රැගෙන ඒමට කැපකිරීම් සිදුකළ පිරිස සම්බන්ධයෙන්ද මෙහිදි අදහස් පළ කෙරුණා.




