පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන වත්මන් ආණ්ඩුව යටතේ ද නිසිලෙස සිදු නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව තමන් ද සෑහීමකට පත් නොවන බවයි මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ පැවසුවේ.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායක මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
මේ අතර බහාලුම් වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කඩිනම් කරන්නැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් අද ඉල්ලීමක් කළා.
වර්තමානයේ විපක්ෂය සිය කාර්යභාර්ය නිසි පරිදි සිදු කරනවාද? මේ, ඊට ප්‍රතිචාර දැක්වූ හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා.
ජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ඕනෑම පාර්ශවයකට සිය පක්ෂයේ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.
මේ, රට ගොඩනගන ආකාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා.