Published
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව සහ පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශන සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වනවා. සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේ ඔහුට එරෙහි චෝදනාවට අදාල පරීක්ෂණ අවසන් වන තෙක් අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතු බවයි.
පාස්කු ප්‍රහාරයට අදාලව සිදු කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දැක්වූයේ මෙවන් අදහසක්. කෙසේවෙතත් නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පැවසුවේ පුද්ගල තරාතිරම නොබලා පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශන කටයුතු සිදුවන බවයි. ඪධ