වාලච්චේන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ දඹුල්ල ජාතික පාසලේ සිසුවියන් පිරිස සුවය ලබා අද අලුයම රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

එම පාසලේ සාමාන්‍ය පෙළ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක් සඳහා පාසිකුඩා ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

එහිදී ඵම සිසුන් පාසිකුඩා මුහුදේ දිය නා ඇති බවයි පොලීසිය පැවසුවේ.

කෙසේවෙතත් එම සිසුන් නිවස් බලා පිටත් විමට සුදානම් වූ අවස්ථාවේදී ඵහි සිටි සිසුවියන් 20කට ඇති වූ ක්ලාන්ත තත්ත්වයක් හේතුවන් වාලච්චේන මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිසුවියන් අව් රෂ්මිය මධ්‍යයේ දිය නෑම හේතුවෙන් එම රෝගි තත්ත්වය හටගෙන ඇති බවටයි වෛද්‍යවරුන් පැවසුවේ.