Published
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනය අදයි.
දිනය නිමාවන විට සිය පළමු ඉනිම වෙනුවෙන් බංග්ලාදේශයට ප්රබල පිළිතුරක් ලබා දීමට ශ්රී ලංකාව සමත් වුණේ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 290ක් රැස් කරමින්.
විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 146යි.
දිනේශ් චන්දිමාල් ලකුණු 93ක් රැස්කර ගෙන සිටියදී දැවී ගියා.
ඔවුන් දෙදෙනා අතර දෙවන කඩුල්ල සඳහා ලකුණු 194ක සබඳතාවක් ගොඩනැගුනා. ලහිරු උදාර ලකුණු 40යි.