සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින තරඟාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, දෙවන එක්දින ක්‍රිකට් තරඟය කඩුලු 05කින් විශිෂ්ට ලෙස ජය ගනිමින්. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 07කට ලකුණු 277ක් රැස් කළා. බෙන් කරන් ලකුණු 79යි. ශිකන්දර් රාසා නොදැවී ලකුණු 59ක් රැස් කළා. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 52කට බිඳහෙළු කඩුලු සංඛ්‍යාව තුනක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 278ක් රැස් කරමින් තරඟය ජය ගත්තා. ඉනිම පුරා විශිෂ්ට පිති හරඹයක නිරත වූ පැතුම් නිස්සංක ලකුණු 122ක් රැස් කළා. ඒ ඔහුගේ 07 වන එක්දින ශතකයයි. ඔහුට අනගි සහයක් ලබා දුන් නායක චරිත් අසලංක ලකුණු 71ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව සිම්බාබ්වේ එක්දින තරඟය ජය ගත්තේ තරඟ දෙකට බින්දුවක් ලෙසයි. ඊයේ පැවති දෙවන එක්දින තරඟයෙන් පසු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මාධ්‍ය වෙත අදහස් පළ කළා.

පැතුම් නිස්සංකගේ විශිෂ්ට ඉනිම සම්බන්ධයෙන්ද ඔහු පළ කළේ මෙවන් අදහසක්. මේ අතර ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ලබන බදාදා ආරම්භ වනවා.