පිටකොටුව, පළමු වන හරස් වීදියේ ගොඩනැගිල්ලක හටගත් ගින්න නිවීම සඳහා බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යෙදවූ බව ගුවන් හමුදාව පවසනවා. අදාළ ගොඩනැගිල්ලේ 3 වන මහලේ වෙළඳසැලක එම ගින්න පළමුව හටගෙන තිබුණා. ගින්න නිවීම සඳහා කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 55කට අධික පිරිසක් සමග ගිනි නිවීම් රථ 14ක් යොදවා තිබෙනවා. එමෙන්ම දෙහිවල, ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන නගර සභාවල ගිනි නිවීම් රථ කිහිපයක් සහ වරාය අධිකාරිය ඇතුළු තවත් ආයතන කිහිපයක ගිනි නිවීම් රථද යොදවා ඇති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.