ආපදා හේතුවෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින් 85,351 දෙනෙකු තවදුරටත් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල රැදී සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

දිස්ත්‍රික්ක 15ක පිහිටුවා ඇති මධ්‍යස්ථාන 873ක එම පිරිස රදවා සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක විසි පහ තුළ ජීවත්වන පුද්ගලයින් දහ අට ලක්‍ෂ දාහතර දහස් හාරසිය විසි එක් දෙනෙකු බලපෑමට ලක් වුණා.

එම කාලසීමාව තුළ මිය ගිය පුද්ගලයින් ගණන 639 ක් වන අතර අතුරුදන්වූ පුද්ගලයින් ගණන 193 ක්.