Published
පියා විසින් කපා තිබූ වැසිකිලි වළකට වැටීමෙන් 08 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා. බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි තෙවන වසරේ අධ්‍යාපනය ලැබූ දරුවෙක් එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ. අඩි 06ක් පමණ ගැඹුරකින් යුත් එම වළ වැසි ජලයෙන් පිරි තිබි ඇති අතර ඒ අසළින් ගමන් කිරිමට තැත්කල දරුවා වළට වැටෙන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.