තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුවත් කිරීමේ සතිය අද සිට ආරම්භ වනවා.
මෙම වැඩසටහන ලබන 18 වනදා දක්වා ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.
ඒ අනුව “අහෝ දුකකි, පිරමීඩ උගුලකි” යන තේමාව යටතේ එම දැනුවත් කිරීමේ වැඩසටහන සිදු වනවා.
මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම හා මූල්‍ය පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරයන්ට අයත්.
ඊට සමගාමීව තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව හා ඒවා මගින් තනි පුද්ගලයන්ට මෙන්ම සමස්ත ආර්ථිකයට සිදුවන සැලකිය යුතු අවදානම් පිළිබඳව පුළුල් වශයෙන් දැනුවත් කිරීම මෙම ජාතික වැඩසටහනේ ඉලක්කය බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.
මෙම වැඩසටහනේදී පාසල් සිසුන් සහ ගුරුවරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්, රාජ්‍ය අංශයේ සේවකයන් ජාතික වශයෙන් දැනුම්වත් කිරීම අපේක්ෂා කෙරෙනවා.
බිම් මට්ටමේ පුළුල් ආවරණයක් සහිතව ප්‍රජා සහභාගීත්වය සහතික කරමින් දිවයින පුරා පාසල් 6,172ක් සහ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022ක් ඔස්සේ ප්‍රධාන වශයෙන් මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා පැවසුවේ.
නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම මෙන්ම අනවසර තැන්පතු භාර ගැනීමේ ආයතනවල වර්ධනයක්ද දක්නට ඇති බවයි මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.