ජනතාව රවටා මුදල් වංචා කිරීම වර්මානයේ නව ආකාරයකට සිදු වන බව ආර්ථික විද්වතුන් පවසනවා.

ඒ අනුව මූල්‍ය සාක්‍ෂරතාවක් නොමැති ජනතාව එම මුදල් වංචාවලට පහසුවෙන් හසු වන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ.

එම මුදල් වංචා සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන්ද ඔහු පැහැදිලි කළා.

පිරමීඩ ඇතුළු මූල්‍ය වංචා රට තුළ ව්‍යාප්ත වීමට බලපෑ හේතු සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.

එවැනි වංචා නතර කිරීමට රජය කළ යුත්තේ කුමක්ද?