Published
පිරිවෙන් අධ්‍යාපනයේ දීර්ඝ ඉතිහාසය සහ සම්ප්‍රදාය රැකගනිමින් ලෝකය තුළ ස්වාමීන් වහන්සේලා වෙත සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවී ඇති බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
එම කාර්යය මැනවින් ඉටුකිරීමට හැකි පිරිවෙන් අධ්‍යාපනයක් ගොඩනැගීම අවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ.
බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ දී අද පැවති 203 වන පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයෙන් අනුමත නවක පරිවේණාචාර්ය පත්වීම් ලිපි ප්‍රධානෝත්සවයට සහභාගී අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.