Published
පැසිෆික් වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ වෙසෙන දහස් ගණන් පිලිපීන ජනතාව සිය නිවාසවලින් ඉවත්ව ගොස් තිබෙනවා.
“ෆෙන්ෂෙන්” කුණාටුවේ බලපෑම හේතුවෙන් එම ජනතාව එලෙස නිවෙස්වලින් පිටව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පැයට කිලෝමීටර් 90ක පමණ වේගයෙන් ෆෙන්ෂෙන්ග් කුණාටුව වෙරළබඩ ප්‍රදේශයට බලපෑ හැකි බවයි එරට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ.
එහි බලපෑම කැටන්ඩුආස් දූපතට බලපා හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව එම දූපතේ වෙසෙන දෙලක්ෂ 70,000ක් පමණ වන ජනතාවගෙන් 9,000ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත පිටව ගොස් තිබෙනවා.
ඇල්බේ පළාතේ වෙසෙන පුද්ගලයින් 17,000කට ආසන්න පිරිසක් ද කුණාටුවේ බලපෑමෙන් ආරක්ෂාවීම සඳහා ආරක්ෂිත ස්ථාන වෙත පිටව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.