පිලිපීනයේ සුලිකුනටු අවදානමක් ඇති විය හැකි බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

මේ හේතුවෙන් පිලිපීනයේ දහස් ගණනකට අධික පිරිසක් අදාළ ප්‍රදේශවලින් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

‘රාගසා’ නමින් හඳුන්වන එම සුලිකුනාටුව පැයට කිලෝමීටර 230ක වේගයෙන් ගමන් කරනු ඇති බවයි අදාළ වාර්තාවල දැක්වෙන්නේ.

එසේම මෙම තත්ත්වය ව්‍යසනකාරී විය හැකි බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශ කිහිපයක පාසල් සහ රජයේ කාර්යාල ද තාවකාලිකව වසා දමා තිබෙනවා.

කෙසේ වෙතත් සුලුකුනටු තත්ත්වය හේතුවෙන් ගංවතුර හා නායයෑම් තත්ත්වයන් ඇති විය හැකි බවයි පිලිපීනයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.