රිච්ටර් මාපකයේ ඒකක 7යි දශම 4ක භූමිකම්පාවකින් පසු පිලිපීනය සහ ඉන්දුනීසියාව සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

දකුණේ මින්ඩනාඕ ප්‍රදේශයේ භූමිකම්පාව ඇති වූ පසු පිලිපීනයේ භූ කම්පන විද්‍යා ඒජන්සිය අනතුරු ඇඟවූයේ සුනාමි රළ අපේක්ෂා කරන බවයි.

පිලිපීනයේ ඇතැම් ප්‍රදේශවලට මීටර් 3ක් උස සුනාමි රළ සහ ඉන්දුනීසියාවේ ඇතැම් ප්‍රදේශවලට මීටර 1ක් දක්වා උස සුනාමි රළ ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පිලිපීනයේ බලධාරින් වෙරළබඩ පළාත් කිහිපයක සිටින ජනතාවට ඉන් ඉවත් වන ලෙස දන්වා තිබෙනවා.

කෙසේවෙතත් ඉන්දුනීසියානු නිලධාරීන් පැවසුවේ මෙතෙක් කිසිදු හානියක් වාර්තා වී නොමැති බවයි.

පසුගිය සතියේ ද පිලිපීනයේ සෙබු පළාතේ වෙරළබඩ නගරයක් වන බෝගෝහි රික්ටර් මාපකයේ 7යි දශම 0ක භූමිකම්පාවක් ඇති වුණා.

ඉන් පුද්ගලයින් 74 දෙනෙකු මිය ගොස් තවත් 500 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.