ගුරු ශික්ෂණලාභීන්ට පීඩනයෙන් තොර ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන් සඳහා බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවක් අමතමින් ඔහු මේ බව පැවසුවා. අධ්‍යාපන පීඨවල ගුණාත්මකභාවය සංවර්ධනය සඳහා ක්‍රියාකාරි සැලැස්මක් දියත් කිරීමට විශේෂ අවධානය යොමු වී ඇති බවයි එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ.
දිවයිනේ සියලු අධ්‍යාපන විද්‍යා පීඨවල පීඨාධිපතිවරුන් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි අතර එක් එක් අධ්‍යාපන විද්‍යා පීඨය සඳහා සිය අධ්‍යයන සහ අනධ්‍යයන ගැටලු, යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් වන ගැටලු සාකච්ඡා කිරීමට එහිදී අවස්ථාව හිමි වී තිබෙනවා.
සුවිශේෂි ගැටලු පවතින විද්‍යා පීඨවල නිරීක්ෂණ චාරිකාවක් සිදු කර කඩිනම් විසඳුම්වලට එළඹෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ.
ගුරු ශික්ෂණලාහීන්ට නිදහස් ඉගෙනුම් පරිසරයක් සකසා දීම සහ ඔවුන්ගේ මානසික යහපැවැත්ම වෙනුවෙන් පියවර ගැනීම අනාගත ආයෝජනයක් වන බව ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා කියා සිටියේ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය නඟා සිටුවීම සඳහා උපදේශන සේවා ශක්තිමත් කිරීමට මේ වන විටත් පියවර ගනිමින් සිටින බවයි.