ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය අද පස්වරුව වනවිට පොතුවිල් සිට කිලෝමීටර් 230 ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය නිරිත දිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට පස්වරු 5.30 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතර මෙරට වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ හේතුවෙන් නැගෙනහිර පළාතේත් මුලතිව්, වව්නියාව, කිලිනොච්චිය, පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි. ඌව පළාතේත් නුවරඑළිය, මාතලේ සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අද පැහැදිලි කිරීමක් සිදුකළා.
මෙම අයහපත් කාලගුණය හේතුවෙන් සුළි කුණාටු තත්ත්වයක් ඇති වේද?
මේ වනවිටත් ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇදහැළෙමින් පවතිනවා. මෙම වැසි හේතුවෙන් ජලාශවල ජලමට්ටමේ වැඩිවීමක් තිබේද? මේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු එල් එස් සූරිය බණ්ඩාර මහතා.
විශේෂ අවධානයෙන් සිටිය යුතු ජලාශ මොනවාද?
හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීමට සූදානම්ද? මේ, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා.
මේ අතර හාලිඇල ගලඋඩ මාර්ගයේ 14 වැනි කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයට අද පස්වරුවේ දැවැන්ත ගසක් සමග පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය නාරංගල ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.




