‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව සඳහා “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන යටතේ ආධාර ලබාදීමේ තවත් අදියරක් අද ක්‍රියාත්මක වනවා.
ඒ නුවරඑළිය, කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කවලදීයි.
එම දිස්ත්‍රික්කවලට ආධාර රැගත් ලොරි රථ අද උදෑසන නෙත් රේඩියෝවේ බම්බලපිටිය කාර්යාල අසලින් පිටත්ව ගියා.
අරණායක ප්‍රදේශයට සහනාධාර රැගෙන යන නෙත් කණ්ඩායමේ නියෝජිත ජයන්ත ප්‍රේමලාල් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙලෙසයි.
හඟුරන්කෙත ප්‍රදේශය දක්වා ආධාර රැගෙන යන නෙත් කණ්ඩායමේ නියෝජිත විමුක්ති කැළුම් ඒ සම්බන්ධයෙන් තොරතුරු වර්තා කළේ මෙලෙසයි.
ජාඇල ප්‍රදේශයේ ද “දිරිය නෙත්” සහන මෙහෙයුම අද දිනයේ ක්‍රියාත්මක වනවා. ඒ පිළිබඳ තොරතුරු නෙත් විශේෂ නියෝජිත අචින්ත උදානගෙන්.
මේ අතර “දිරිය නෙත්” ක්‍රියාන්විතය සමග “තමාට පෙර රට” තේමාව යටතේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය ද අත්වැල් බැඳගෙන සිටිනවා.
ඒ, යටතේ අද දිනයේ ක්‍රියාත්මක වන සහන මෙහෙයුම සම්බන්ධයෙන් ඩී.එස්. සේනානයක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සහකාර ලේකම් තුෂාර දමයන්ත මහතා මෙලෙස අදහස් පළ කළා.
නෙත් එෆ් එම් “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 077 348 77 56 යන අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.
එම අංකය නැවතත් 077 348 77 56.
මේ අතර ආපදා හේතුවෙන් මියගිය ජනතාව සහ මුදාගැනීමේ මෙහෙයුම්වලදී ජීවිතක්ෂයට පත්වූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම සහ රටට සෙත් පතා විශේෂ සර්ව ආගමික වැඩසටහනක් අද පස්වරුවේ පැවැත්වීමට නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු යොදා තිබෙනවා.
අද සවස 06.00 සිට නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව එම පිංකම හා එක්වීමට ශ්‍රාවක ඔබට අප ඇරයුම් කර සිටිනවා.



