Published
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අනුව එක් එක් කොට්ඨාස සඳහා තෝරා පත් කරගෙන ඇති සභිකයින් සහ දේශපාලන පක්ෂ විසින් පළාත් පාලන ආයතනවලට මෙතෙක් නම් කර ඇති සභිකයින්ගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව මේ වන විටත් දිස්ත්‍රික්ක කිහිපයකට අදාළ ගැසට් නිවේදන නිකුත් වී අවසන්.
රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පැවසුවේ දිස්ත්‍රික්ක 25ට අදාළ සියලුම ගැසට් නිවේදන අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කරන බවයි.
මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ ඊයේ මධ්‍යම රාත්‍රිය තෙක් ලැබුණු සියලුම නාමලේඛනයන් අද ප්‍රකාශයට පත්කෙරෙන ගැසට් නිවේදනවලට ඇතුළත් කර ඇති බවයි.