රුසියානු සහ යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා පැවැත්වීමට නියමිත ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා මොස්කව් වෙත පැමිණෙන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කළ ආරාධනය යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් ප්‍රතිෂේප කර තිබෙනවා. අමෙරිකානු මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ තමාට ත්‍රස්තවාදියාගේ අගනුවරට යා නොහැකි බවයි. කෙසේවෙතත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට සාකච්ඡා සඳහා කියෙව් වෙත පැමිණිය හැකි බවයි යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ. තවද එවැනි යථාර්ථවාදී නොවන රැස්වීම් ස්ථානයක් තෝරා ගැනීම රුසියාව සාකච්ඡා සඳහා සැබෑ උනන්දුවක් නොදක්වන බවට ලකුණක් ලෙස හඳුන්වන බවද යුක්‍රේන ජනාධිපතිවරයා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබෙනවා. පසුගිය මාසයේ ඇලස්කාවේදී පුටින් සමඟ සිදු කළ ට්‍රම්ප්ගේ සාකච්ඡාවල ප්‍රධාන ඉලක්කයක් වූයේ ද්විපාර්ශ්වික හෝ ත්‍රෛපාර්ශ්වික හමුවීමක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්‍රේන ජනාධිපතිවරයා වොෂින්ටනයට ගොස් යුරෝපීය නායකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු පුටින් සහ සෙලෙන්ස්කි හමුවනු ඇතැයි ට්‍රම්ප් එහිදී පවසා සිටියා. පුටින් පැවසුවේ සෙලෙන්ස්කි හමුවීමට මොස්කව්හිදී තමා සූදානම් බවයි. මේ සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ සෙලෙන්ස්කිට රුසියානු අගනුවරට ආරාධනා කර ඇත්තේ කතා කිරීමට මිස යටත් වීමට නොවන බවයි. නමුත් මේ වන විටත් සාකච්ඡා අතරතුර රුසියාව විසින් යුක්‍රේන නගරවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම වේගවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
Published