Published
යුක්‍රේනයට රුසියාව එල්ල කළ විශාලතම ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කනස්සල්ල පළ කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් තමන් නොසතුටින් සිටින බව පවසා ඇති අමෙරිකානු ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා උන්මත්තකයෙකු යැයි පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝපටයක්ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
රුසියාව විසින් ඉකුත් සෙනසුරාදා යුක්‍රේනයේ ස්ථාන 22ක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එම ප්‍රහාරය සඳහා රුසියාව විසින් ඩ්‍රෝන යානා 288ක් සහ මිසයිල 69ක් යොදාගෙන තිබුණා.
එය 2022 වසරෙන් පසු එක් දිනකදී රුසියාව යුක්‍රේනයට එල්ල කළ දරුණුතම ප්‍රහාරය ලෙසයි එම වාර්තාවල දැක්වුණේ.