සීදූව ප්‍රදේශයේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි පුද්ගලයන් හය දෙනෙකු පෙට්‍රල් බෝම්බ 06ක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මඟින්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එම ආයතනයේ කළමණාකරු, ව්‍යාපාරිකයෙකු, ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු වන බවද පොලිසිය පැවසුවා.

සැකකරුවන් අතර සිටින කළමණාකරු මීගමුව අධිකරණයේ විභාගවන නඩු දෙකක් සඳහා වරෙන්තු ද නිකුත් කර ඇති පුද්ගලයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.