පුද්ගලයින් තිදෙනෙකුගෙන් ලබාගත් ජාන භාවිත කරමින් ළදරුවන් 08 දෙනෙකුට උපත ලබා දීමට බි්‍රතාන්‍යයේ වෛද්‍යවරුන් පිරිසක් සමත් වී තිබෙනවා.

ඒ, මව් කුසේදී දරුවන්ට වැළදෙන මාරාන්තික තත්ත්වයන් වළක්වා ගැනීමේ අරමුණින්.

බි්‍රතාන්‍ය වෛද්‍ය විද්‍යාඥයින් මෙහිදී සිදුකර ඇත්තේ මවකගේ සහ පියෙකුගේ ඩිම්බ සහ ශුක්‍රාණු, තවත් පරිත්‍යාගශීලී කාන්තාවකගේ ඩිම්බ සමඟ එක් කිරීමයි.

මෙම තාක්ෂණය දශකයක සිට අත්හදා බලා තිබෙනවා. විද්‍යාඥයින් පවසන්නේ සුව කළ නොහැකි “මයිටොකොන්ඩි්‍රයල්” වැනි රෝගවලින් තොරව ළදරුවන්ට උපත ලබාදීම මෙහි අරමුණ බවයි.

“මයිටොකොන්ඩි්‍රයල්” රෝගය දරුණු ආබාධවලට හේතු වන අතර ඇතැම් ළදරුවන් ඉපදී දින කිහිපයක් තුළ මියයාම පවා සිදු වනවා.

විශේෂයෙන් මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන මෙවැනි අධි අවදානම් සහිත රෝග පාලනය මෙහිදී සිදුවන බවයි වෛද්‍ය විද්‍යාඥයින් පවසන්නේ.

“මයිටොකොන්ඩි්‍රයල්” රෝගයෙන් මොළයට හානි, වලිප්පුව, අන්ධභාවය, මාංශ පේශි දුර්වලතාවය සහ අවයව අක්‍රිය වීම සිදුවන අතර ළදරුවන් 5,000න් එක් අයෙකු පමණ මෙම රෝගයට ගොදුරු වනවා.

මෙම ත්‍රිපුද්ගල තාක්ෂණය හරහා උපත ලබන දරුවන්ට ඔවුන්ගේ ෘභ් වලින් වැඩි ප්‍රමාණයක් මෙන්ම ඔවුන්ගේ ජානමය සැලැස්ම ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් උරුම වනවා.

නමුත් දෙවන කාන්තාවගෙන් ද සියයට බින්දුවයි දශම එකක ෘභ් සම්ප්‍රේෂණය වන බවයි විද්‍යාඥයින් පවසන්නේ.

දැන් සෑම වසරකම ත්‍රිපුද්ගල මෙම ක්‍රමය හරහා දරුවන්ට උපත ලබාදීමට මව්පියන් 30 දෙනෙකුගෙන් පමණ ඉල්ලුමක් පවතිනු ඇති බව විද්‍යාඥයින් පවසා තිබෙනවා.