ඉරාකයේ නැගෙනහිර කුට් නගරයේ සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබූ තවත් පුද්ගලයින් 100 දෙනෙකු පමණ රෝහල්ගත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්න නිවා දැමීමට ගිනි නිවන කණ්ඩායම් කිහිපයක්ම යෙදවුවද ගින්න පාලනය කිරීම අසීරු වී තිබෙනවා.

දැඩි ලෙස පිලිස්සුම් තුවාල සහිතව ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් හඳුනාගැනීමට නොහැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්න හටගත් සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලේ හිමිකරු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.