පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ඇඹ්ලිපිටිය මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

2012 වර්ෂයේදී ගොඩකඩම් ගොඩකවල පොලිස් වසමේ හටන්ගල ගොඩක වෙල ලිපිනයේ පදිංචි අමිල ප්‍රදීප් පුෂ්ප කුමාර මාරගහවත්ත යන අය පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පැවති වාර්තා වනවා.

45/2020 දරන නඩුවේ චූදිතයා වූයේ වැලි ගෙපොළ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රී වරයෙකු වන කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලිබේබී යන අයට විරුද්ධව මෙම නඩුව පවරා තිබුණා.

මෙම නඩුවේ තීන්දුව ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික එස්.රාගල මහතා විසින් ලබාදුන් අතර ඒ අනුව ඔහුට මරණ දඬුවම නියම කරනු ලැබුවා.

මරණ දඬුවම හිමි වූ අලි බේබි නොහොත් වසන්ත මෙවර 2025 පළාත් පාලන මැතිවරණයේ දී වැලිගේ පොළ ප්‍රාදේශීය සභාවට රන්වල කොට්ඨාසයෙන් සර්වජන පක්ෂයෙන් තරග කරනු ලැබුවෙකි.