දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2025/2026 මහ කන්නය තුල මේ වනවිට පුරන් කුඹුරු අක්කර 703ක් ඇස්වැද්දිම සදහා අවශ්‍ය මුලික කටයුතු සිදුකර ඇති බව වි වගාව පිළිබද ගාල්ල දිස්ත්‍රික් විෂයානුබද්ධ නිලධාරි ඩි.ඩි.කේ සේනාධිරත්න මහතා පවසනවා.
මෙවර මහ කන්නයේ දි ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 1000ක් අස්වැද්දිම සදහා සැලසුම්කොට ඇති අතර මේ වනවිට ඉන් අක්කර 703ක් වගා කිරිම සදහා ගොවින් විසින් මුලික බිම් සකස් කිරිම සිදුකොට වගා කිරිමේ කටයුතු ආරම්භකොට ඇති බවද ඩි.ඩි.කේ සේනාධිරත්න මහතා පවසනවා.
පුරන් කුඹුරු අස්වැද්දිමේ ව්‍යාපෘතිය යටතේ අක්කරයක් සදහා ගොවි මහතෙකුට නොමිලේ බිත්තර වි බුසල් 02ක් සහ රුපියල් දසදහසක මුදලක් ලබාදෙන බව ද ඩි.ඩි.කේ සේනාධිරත්න මහතා පවසනවා.
කන්න පහක් වගාකොට නොමැති පුරන් කුඹුරු සදහා ගොවි ජනතාවට මෙම ප්‍රතිලාභය හිමිවන බව සදහන් කළ වී වගාව පිළිබද විෂයානුබද්ධ නිලධාරිවරයා ප්‍රතිලාභින් තෝරාගැනිම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජනසේවා මධ්‍යස්ථාන මගින් සිදුකරණු ලබන බවද වැඩි දුරටත් පවසා තිබෙනවා.
මෙම වර්ෂයේ යල කන්නය තුල පුරන් කුඹුරු අක්කර 559.5ක් වගාකොට ඇති බව සදහන් කළ සේනාධිරත්න මහතා එම ගොවින්ට නොමිලේ බිත්තර වි ලබාදිම සදහා රුපියල් රුපියල් ලක්ෂ 60ක මුදලක් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වැයකොට ඇති බව ද පෙන්වා දෙනු ලබනවා.
දකුණු පළාත් සභාවේ පළාත් නිශ්චිත ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු වගා කිරිම සදහා මෙම වර්ෂය තුල (2025) රුපියල් මිලියන 20.6ක මුදල් ප්‍රතිපාදන වෙන්වි ඇති බවද සදහන් කර තිබෙනවා.




