පාතාල ක්‍රියාකාරකම්, තැන තැන සිදු වන වෙඩි තැබීම් සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සියලු පාර්ශවවල වගකීමක් වන බවයි.

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමට වත්මන් රජය පියවර ගන්නා බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා පැවසුවේ.