Published
ඉන්ධන මිල අද (01රැ31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් පහළ දමන බවයි එම සංස්ථාව පැවසුවේ.
එහි ලීටරයක නව මිල රුපියල් 292 ක් වනවා.
ඔටෝ ඩීසල් ලීටරයක මිලද රුපියල් 02කින් පහළ දමන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි නව මිල රුපියල් 277ක්.
කෙසේවෙතත් සෙසු ඉන්ධන වර්ගවල මිල සංශෝධනය නොකරන බව එම සංස්ථාව වැඩිදුරටත් පැවසුවා.
