පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවෙකු පේරාදේණිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පේරාදෙණිය, මුරුතලාව ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදු කරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. එහිදී එක් සැකකරුවෙකු කැණීම් උපකරණ ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවෙකු පලා ගොස් තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි යාය 05, බකමූණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.