දෙවන දිනටත් අයවැය දෙවැනි වර කියවීමේ විවාදය මේ වන විට පැවත්වෙනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ මහතා අද දිනයේ විවාදය ආරම්භ කළා.

ආණ්ඩුවේ පළමු අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු දැක්වුවා.

කඩාවැටී තිබූ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට රනිල් වික්‍රසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාවේ කටයුතු කළ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඉන් අනතුරුව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විවාදයට එක්වුණා.

එම ප්‍රකාශයෙන් අනතුරුව අමාත්‍ය වසන්ත සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්.

ඉන් අනතුරුව ලබන වසරට අදාළ අයවැය යෝජනා සැකසීමේදී අවධානයට ලක් කළ කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අදහස් පළ කළා.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය තවත් තොරතුරු නෙත් නිවුස් සවස 06යි 30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.