එංජින් ධාරිතාව දහස සහ ඊට අඩු වාහනවලට පනවා ඇති බදු අඩු කරන ලෙස වාහන ආනයනකරුවන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ රටේ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ජනතාවගේ වාහන මිලදී ගැනීමේ හැකියාව සීඝ්‍රයෙන් අඩු වූ බවයි.

ඇතැම් කුඩා වාහනවලට ලක්ෂ 35ත් 40ත් අතර බද්දක් මේ වනවිට පනවා ඇති බවත් එය අඩු කරන්නේ නම් ජනතාව වාහන මිලදී ගනු ඇති බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය මීට පෙර නිවේදනය කර තිබුණේ දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වයෙන් මෙරට රැකියා නියුක්තිකයන් තුන් ලක්ෂ හැත්තෑ හතර දහසක පමණ පිරිසකට බලපෑම් එල්ල වී ඇති බවයි.