විපක්ෂයේ කණ්ඩායම් එක් වීම ආණ්ඩුවට අභියෝගයක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

අධිකරණය ලබා දී ඇති තීන්දුවක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් විවේචන සිදු කරන පාර්ශව සිදු කළ යුත්තේ අධිකරණය හමුවට ගොස් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා.