පොලිස්පති අභියෝගතා ජාතික පොලිස් ශිෂ්‍ය භට කඳවුර - 2025 විසිර යාමේ පෙලපාලිය ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය කළුතර දී අද පවත්වා තිබෙනවා.

ඒ සඳහා පාසල් 63 ක බාලක බාලිකා ශිෂ්‍ය භටයින් 1575 සහභාගී වී සිටී අතර විසිරයාමේ පෙළපාළිය එම විද්‍යාලයේ අළු විහාර ක්‍රීඩාංගණයේදී පැවැත්වීනි.

බාලක අංශයේ සමස්ත ශූරතාවය මාතලේ ශාන්ත තොමස් ජාතික පාසල ද අනුශූරතාවය කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයද දිනාගැනීමට සමත් වි තිබෙනවා.

මෙහිදී බාලිකා අංශයේ ශූරතාවය කුලියාපිටිය විශාකා බාලිකා විද්‍යාලයද අනුශූරතාවය සඳලංකාවේ සඳලංකා මධ්‍ය විද්‍යාලය දිනාගන්නා ලදී.

මෙම අවස්ථාවට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පොලිස් නිලධාරීන් ජාතික ශිෂ්‍යභට නිලධාරීන් දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වි ඇත.