Published
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද (31) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් සිදුකළ ඉල්ලීමක් හේතුවෙන්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එලෙස පැමිණ ඇති බවයි වාර්තා වන්නේ
එහිදී මන්ත්‍රීවරුන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
එහිදී ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීමට පොලිස්පතිවරයා මෙන්ම කථානායකවරයාද එකඟතාව පළ කර තිබේ.




