යාපනය,නවාලි,මුත්තනයිනාර් කෝවිල ආසන්නයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් ඊයේ(24) රාත්‍රි සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය,මානිප්පායි පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ ඊයේ(24) රාත්‍රී 8.15 ට පමණ මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් නවත්වන ලෙසට රථ වාහන පොලිස් නිළධාරීන් සංඥා කොට ඇති අතර, එහිදි මෝටර් රථය නොනවත්වා ධාවනය කොට ඇති බවයි.
නොනවත්වා ධාවනය කළ මෝටර් රථය මාර්ගය ආසන්නයේ වෙළඳසැල් දෙකක් කඩාගෙන ගොස් රියඅනතුරක් සිදුකොට ඇති අතර,අනතුරින් වෙළඳසැළක් තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද පොලිසිය පැවසුවා.
තුවාලකරුවන් ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර, අයෙකුගේ තත්වය තරමක් බරපතල බවද පොලිසිය සඳහන් කලා.
අනතුරට පත් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු බීමතින් රිය ධාවනය කොට ඇති බවත්, ඒ හේතුවෙන් මෝටර් රථය නොනවත්වා ධාවනය කොට ඇති බවටත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
සැකකරු යාපනය,මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.





