පොලිස් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද සංවාද ඇති වුණා.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම එහිදී පෙන්වා දුන්නේ පොලිස් කොමිසමේ ස්වාධීනත්වයට ආණ්ඩුව දිගින් දිගටම බලපෑම් කරමින් ඇති බවයි.
ගයන්ත කරුණාතිලක සහ දයාසිරි ජයසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී අදහස් පළ කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ද ඊට මැදිහත් වුණා.
පසුව චමින්ද විජේසිරි සහ සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් එහිදී අදහස් පළ කළ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට ප්‍රතිචාර දැක්වූවා.
අනතුරුව දයාසිරි ජයසේකර සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මන්ත්‍රීවරුන් ද ඊට මැදිහත් වුණා.
මේ අතර ඛඨඊඔූ ප්‍රජාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන මහතා මෙහිදී ප්‍රශ්න කළ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊට පිළිතුරු ලබාදුන්නා.
කෙසේවෙතත් සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති ආන්දෝලනාත්මක ලිපිය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන මහතා මෙහිදී ප්‍රශ්න කළා.
මේ, ඊට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය.
පාර්ලිමේන්තුවේ කටයුතු තවදුරටත් සිදු වනවා. එහි තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශ තුළින් බලාපොරොත්තු වන්න.



