Published
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථාන මාරුවක් ලබාදෙනු ලැබුවේ ඔහුට එරෙහිව සිදු කරන විමර්ශනයකට අදාලව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ.කේ. වුට්ලර් මහතා පවසනවා.
නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින් පළමු වරට ඔහු මේ පිළිබඳ තොරතුරු අනාවරණ කළා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්යක්ෂවරයා සම්බන්ධයෙන් පළවන වාර්තා කිහිපයකට ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රතිචාර දැක්වූවා.


