Published
පානදුර ප්‍රදේශයේ හෝටලයක සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තකව සිටි තරුණයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, සමාජ මාධ්‍ය හරහා සංවිධානය කෙරුණු සාදයක් එම හෝටලයේ පැවැත්වෙන බවට පානදුර උතුර පොලිස් ස්ථානයට ලද තොරතුරත් මත සිදු කළ වැටලීමකදීයි.
පොලීසිය පැවසුවේ මතුගම, කුරුණෑගල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයින් 16 දෙනෙකු එම සාදයට පැමිණ සිටි බවයි.
ඔවුන් අතරින් අයිස් සහ ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණයින් 05 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර, මෙම සාදය සමාජ මාධ්‍ය හරහා සංවිධාන කර ඇත්තේ පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු බවටයි වාර්තා වුණේ.




