Published
පොලිස් නිලධාරීන්ගේ වැටුප ඉහළ දැමීමට ලබන වසරේ පියවර ගනු ඇතැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට මෙන්ම රජයටද දැනුම් දී ඇති බවයි මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ.
පොලිස් නිලධාරීන්ගේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් පවතින පාසල් ලබා දීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවා.