රට පුරා සිදු කරන විශේෂ මෙහෙයුම් සඳහා පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගෙන ඇතැයි කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ පොලීසිය සඳහා නිලධාරීන් 20,000කගේ පමණ අඩුවක් ඇති බවයි.

පොලීසියේ පවතින අඩු පාඩු උපරිම අවම කර ගැනීමට මේ වන විට කටයුතු කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සිවුවන මානය වැඩසටහනට එක්වෙමින්.

ඉදිරි මෙහෙයුම් සහ මේ වන විට ක්‍රියාත්මක විශේෂ වැටලීම් පිළිබඳ තොරතුරු රැසක් ඇතුළත් නෙත් නිවුස් සිවුවන මානය සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.