Published
2020 වර්ෂයේ සිට නතර වී තිබූ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් නැවත ලබාදීමට කටයුතු කරන බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. ජ්‍යේෂ්ඨතාව පදනම් කර ගනිමින් ඉදිරි මාසය තුළ සියලු නිලධාරීන්ගේ උසස්වීම් ලබා දෙන බවයි පොලිස්පතිවරයා පැවසුවේ.
පොලිස් නිලධාරීන් 30,000කගේ හිඟයක් පවතින බවත් ඉන් 5,000ක් මෙම වසරේ බඳවා ගැනීමටචත් අවසර හිමිව ඇති බවයි පොලිස්පතිවරයා පැවසුවේ. උතුරු නැගෙනහිරට නව පොලිස් ස්ථාන සහ පොලිස් මුර පොළ ලබාදෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලීම් ලැබී ඇති බවත් නව නිලධාරීන් බදවා ගැනීමෙන් අනතුරුව එම ඉල්ලීම්වලට විසදුම් ලබාදීමට හැකිවනු ඇති බවද පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසුවා.