බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල “ගව් පේ” (ඨදඩච්හ) යෙදුම හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය අද සිට ආරම්භ වුණා.
ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා බස්නාහිර පළාතේ සහ අධිවේගී මාර්ගවල රථවාහන රාජකාරිවල නිරතවන පොලිස් නිලධාරින් 5,000කට ස්මාට් ජංගම දුරකථන ලබාදුන් බවයි.
එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙලෙස කරුණු දැක්වූවා.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ මෙම වසර තුළ සිදුව ඇති මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 1,542 දෙදෙනෙකු මියගොස් ඇති බවයි.