පොලිස් දෙපාර්තමේන්තුවට හිමි ගෞරවය හා අභිමානය යළි අත්පත් කර ගැනීමට වත්මන් පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිස් දෙපාර්තමේන්තුව කැපවී ක්‍රියා කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී අද පැවති 159 වන පොලිස් දින සංවත්සර උත්සව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

පොලිස් දෙපාර්තමේන්තුව අක්‍රිය වුවහොත් සමස්ථ සමාජයම අක්‍රිය වන බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. මෙරටින් පලාගොස් සිටි අපරාධකරුවන් පිරිසක් පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමට සමත් වූ නිලධාරින් කිහිප දෙනෙකුට ජනාධිපති පොලිස් වීරතා පදක්කම් පිරි නැමීමද මෙහිදී සිදු කෙරුණා. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එම උත්සවය ඇමතුවේ මෙලෙසයි. පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවයට හානි කරන කුමන තරාතිරමක හෝ නිලධාරින් සිටීනම් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස්පතිවරයා මෙහිදී කියා සිටියා.