Published
දිවයිනට බලපා තිබෙන හදිසි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශ වූ සියලු මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ සියලු කටයුතු මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබෙනවා.
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත් වූ ස්ථාන නැරඹීමට අවට මහජනතාව විශාල වශයෙන් පැමිණෙන බවට මේ වන විට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පවසනවා.
එසේ පැමිණීම එම පුද්ගලයින්ට ඉතා අනාරක්ෂිත තත්ත්වයක් වන බැවින් එලෙස විනාශයට පත් පාලම්, මාර්ග ඇතුළු ස්ථාන නැරඹීමට අනාරක්ෂිත ලෙස නොපැමිණ ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.




