Published
උද්ගතවී ඇති හදිසි තත්ත්වය පිළිබඳ නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සඳහා සහ අවශ්‍ය සහන සැලසීමට පොලිස්පති විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා,
ඒ, දිවයිනට බලපා ඇති හදිසි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල අධික වැසි, ගංවතුර, තද සුළං හා නායයෑම් තත්ත්වයන් ඇති වී තිබීම හේතුවෙන්.
ඇතැම් ප්‍රදේශවලින් මහජනතාවට ඉවත්වීමේ නිවේදන ද නිකුත් කිරීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
මේ අතර, රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සේවා ස්ථානයන්ට පැමිණීමට අපහසු වී ඇති බන්ධනාගාර නිලධාරීන් වහාම ආසන්තම බන්ධනාගාරයට වාර්තා කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දී තිබෙනවා.
ඒ, බන්ධනාගාරවල ආරක්ෂක කටයුතු සඳහා මේ වනවිට බාධා එල්ල වී තිබීම හේතුවෙන්.




