අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේදී පුද්ගලයින් 28,372 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බව පොලීසිය පවසනවා.

ඒ අනුව එම පරික්‍ෂාකිරීම්වලට අදාළව සැකපිට පුද්ගලයින් 714 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

එහිදී අපරාධ සම්බන්ධයෙන් ඍජුව පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් විවෘත වරෙන්තුකරුවන් ගණන 185ක්.

අපරික්ෂාකාරි ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 4,495ක් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.