අපේ රටේ ආර්ථිකයේ කෘෂිකර්මාන්තයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයක්. කෘෂිකර්මාන්තයේ ප්‍රගමනයට දායක වන පිරිස් අතරේ විවිධ ක්‍රියා මගින් එම ක්ෂේත්‍රයට හානි සිදු කරන පුද්ගලයින් පිළිබඳව ද විටින් විට තොරතුරු වාර්තා වනවා. බාල පොහොර අලෙවි කිරීමද කෘෂිකර්මාන්තයට අහිතකර ලෙස බලපාන කරුණක්. එලෙස බාල පොහොර අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව පවත්නා නීතිය යටතේ දඬුවම් ප්‍රමාණවත් නොවන බැවින් අදාල නීති සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

මේ, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඊට දැක්වූ ප්‍රතිචාරයයි. පසුගිය කාලයේ මෙරටට ආනායනය කරපු ආන්දෝලාත්මක බාල පොහොර සම්බන්ධයෙන් ද නාමල් කරුණාරත්න මහතා මෙහිදී අදහස් දැක්වූවා.