Published
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීම සඳහා ූඍ ක්‍රමවේදය හෝ සුදුසු ඩිජිටල් යාන්ත්‍රණයක් සැකසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඊට අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ මුදල් ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි.
රජය මගින් ලබාදෙන පොහොර සහනාධාරය නිසි වේලාවට ගොවීන් වෙත ලැබෙන බව සහ එම මූල්‍යාධාරය ඔවුන් විසින් පොහොර අවශ්‍යතාව සඳහා සම්පූර්ණයෙන්ම යොදා ගන්නා බව තහවුරු කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.




